කැකිරාව කලාපයේ විශිෂ්ට පාසලක් වන අනු/ වලගම්බාහුව විදුබිම 1951.09.11 වන දින ආරම්භ කරනලදී . අප පාසල නිර්මාණය කිරිමේ පුරෝගාමීන් ලෙස පූජ්‍ය .ශ්‍රී සුමංගල හිමි හා ඩබ්.එම්.ටී. බණ්ඩාමහතා කටයුතු කර ඇත.එතැන් පටන් විදුහල්පතිවරුන් දොළොස් දෙනෙකු පමණ සේවය කර ඇත.අතීතයේ කුඩා ගොඩනැගිල්ලකින් පටන්ගත් අප පාසල වර්තමානයේ ගොඩනැගිලි අටකින් පමණ සම්විත වේ.1984දී පමණ අප පාසැල එල්ලේ තරගාවලියෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලැබීමත් සමග පාසැල වෙත ගොඩනැගිල්ලක් හිමි වී ඇති බව ඉතිහාසයේ සදහන් වේ.අතීතයේ පටන් සියයට අධික ළමුන් ප්‍රමාණයක් පැමිණ ඇත.